රුසියානු පිළිකා ඖෂධයේ වරදක් නැහැ

රුසියානු පිළිකා ඖෂධයේ කිසිඳු වරදක් නැතැයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රට් කුමාරසිරි මහතා අවධාරණය කර සිටියි.

රුසියාවෙන් ආනයනය කරන ලද පියයුරු පිළිකා ඖෂධය මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් භාවිත නොකරන බවට ඒකාබද්ධ විපක්ෂය පසුගියදා නැගූ චෝදනාවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී ඔහු එබව සඳහන් කළේය.
"රුසියාවෙන් ආනයනය කර ඇති ඖෂධය අපේ රෝහලට පළමුව ලැබුනේ 2016 ජුනි 01 දායි. ඒ වයර්ලස් 1199 ක්. මම ප්‍රකාශ කරන්න කැමැතියි අපේ රෝහලේ සිටි ඡ්‍යෙෂ්ඨතම පිළිකා වෛද්‍යවරයා වන ජයන්ත බලවර්ධන මහතා තමයි පළමුව මෙම ඖෂධය භාවිත කළේ.

ඇතැම් වෛද්‍යවරු ඖෂධය භාවිතා කිරීමට මැලිකමක් දැක් වූයේ නව ඖෂධයක් නිසයි. නමුත් මේ වනවිට සියළුම පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන්ට මෙම ඖෂධය ලබාදෙනවා.

2016 වසරේ ලැබුනු වයර්ලස් තොගයෙන් 2017 පෙබරවාරි මාසය අවසන් වනවිට වයර්ලස් 1175 ක් අවසන් කර තිඛෙනවා. මාස 09 ක කාලයක් රෝගීන් විශාල පිරිසකට මෙම ඖෂධය භවිත කර ඇතත්, එහි ගුණාත්මකභාවය පිළිබදව කිසිදු චෝදනාවක් ඉදිරිපත් වී නැහැ.

එම ඖෂධය අඛණ්ඩව ප්‍රතිකාර සදහා භාවිත කරනවා. රෝගී සත්කාරක සේවා ඉහළ නැංවීම සදහා නව ඖෂධ අවශ්‍යයයි.” ඔහු පැවසිය.

ටොප් 09 :  කැලෑ පත්තරයක්

මෙම මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නිතීඥ සරත් ලියනගේ මහතා මෙසේ පැවසිය.

"රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශයේ ඉල්ලීමට අනුව ඖෂධ ගෙන්වනවා. වසර 30 ක පමණ කාලයක් කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ ගබඩාවල තිඛෙනවා.

අපි විසින් පාලන අධිකාරිය භාරගත් පසු තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කර නැහැ. මම කියන්න කැමැතියි සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයාට පළමුව චෝදනාව ඉදිරිපත් කළේ ව්‍යාජ වෛද්‍ය සංගමයක් විසින්.

GMOF ලෙස හදුන්වන මෙම වෛද්‍ය සංගමය පිළීබදව මම පරික්ෂාවක් සිදු කළා. එහි ලාංඡනයේ ඉන්නේ කුරුල්ලෙක්. නම් ගම් මොකුත් නැහැ.

කළමණාකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව චෝදනා කළ මෙම වෛද්‍ය සංගමයේ ලිපිනයට ගොස් බැලුවාම ඉන්නේ මුරකාරයා පමණයි. දුරකථන අංක 04 ක් තිඛෙනවා. එකක්වත් වැඩ කරන්නේ නැහැ.

ටොප් 09 යටතේ ඉදිරිපත් කර ඇත්තේ මෙම කැලෑ පත්තරයයි. මෙම චෝදනා අසත්‍යයයි.

රජයකට පහර ගැසීමට අවශ්‍ය වූ විට මුලින්ම තෝරා ගන්නේ එහි වැදගත් පුද්ගලයායි. ඒ අනුවයි සෞඛ්‍ය අමාත්‍යවරයාට පහර එල්ල කරන්නේ.

 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2015 වසරේ සිට මේ  දක්වා සියයට 161.6 ක වර්ධනයක් ලබා තිඛෙනවා. මෙම කළමණාකාර අධ්‍යක්ෂවරයා ආයතනය තුළ පිරිසිදු පාලනයක් ගෙනයන බව මම කියන්න කැමැතියි.”

(සෞඛ්‍ය ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය)
Previous Post Next Post