ජනපතිට පිටකොන්දක් තිබේ නම් කළ යුතු දේ ජී.එල් කියයි

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියෙන් 6 වන වගන්තිය ඉවත් කිරීමට පිටකොන්දක් තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු යැයි මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (21) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මානව හිමිකම් කවුන්සලයේ මහකොමසාරිස්වරයා විසින් හෙට (22) දිනයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සලයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලංකාව පිළිබඳ අවසන් තීරණය සිකුරාදා දිනයේ දී ලබා දීමට නියමිත බව ද ජී.එල්.පීරිස් මහතා පවසයි.
2015 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාවේ ඉතා පැහැදිලිව විදේශීය විනිසුරුවන් පිළිගන්නා බව සඳහන් කර ඇති අතර එය දෙවන වරටත් තහවුරු වී ඇති බවත් ඒ සඳහා සම අනුග්‍රහය නොදක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජී.එල්.පීරිස් මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විදේශ විනිසුරුවන් පත් කිරීමට කිසිදු ප්‍රතිපාදනයක් සලසා නොමැති බව අගමැතිවරයා විසින් පසුගිය දා කියා සිටියදීත් ඒ පිළිබඳ කථා කිරීම උත්තරීතර නීතියට පටහැනි ක්‍රියාවක් බව ද ජී.එල්.පිරීස් මහතා සඳහන් කළේ ය.
gossip lanka