තොරතුරු නොදෙන බවට රාජ්‍ය ආයතන හතරකට චෝදනා

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රාජ්‍ය ආයතන හතරකින් තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇති බව ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසනවා.

එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කළමනාකරු සංකිතා ගුණරත්න සදහන් කළේ නියමිත ක්‍රියා පටිපාටිය යටතේ තොරතුරු ඉල්ලා සිටිය ද මෙතෙක් ඒවා ලැබී නොමැති බවයි.

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වී සැලකිය යුතු කාලයක් ගත වී ඇති බැවින් මෙලෙස තොරතුරු නොලැබීම කණගාටුදායක බවයි ඇය කියා සිටියේ.
තොරතුරු දැන ගැනීමේ පනත ඉකුත් පෙබරවාරී මස 03 වනදා සිට බලාත්මක වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත ලොව තුන්වන ස්ථානයට පත්ව ඇති බවද ප්‍රකාශ කෙරුණා. 
Previous Post Next Post