ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන ගණනාවක පාඩුවක් සිදු කරමින් ජාත්‍යන්තර ක්‍රීඩාංගන නවය ද ඇතුළුව අනෙකුත් ක්‍රීඩාංගන සඳහා බාල ප්‍රමිතියෙන් යුත් ක්‍රිකට් පුහුණු දැල් සැපයීමේ ජාවාරමක සුලමුළ හෙළි වේ.
බාල ප්‍රමිතියෙන් යුත් පුහුණු දැල් සැපයුම්කරු වහාම ක්‍රියාත්මක වන පරිදි අසාදු ලේඛණගත කර තිබේ.
නිසි ප්‍රමිතියෙන් යුත් පුහුණු දැල් සැපයීම සිදු කරන තෙක් කිසිදු ගෙවීමක් නොකිරීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම, ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීමේදී එම සැපයුම්කරුට ඉදිරිපත් වීමට අවසර නොලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිලධාරියෙකු කියා සිටී.
එම සැපයුම්කරුවා ඉදිරිපත් කළ නියැදි පුහුණු දැල් පරීක්ෂාවකදී ඒවායේ බාල ප්‍රමිතිය හෙළිව තිබේ.
එම පුහුණු දැල් භාවිතයෙන් ඉවත් කර ඇති අතර, මෙම ගනුදෙනුවට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුට එරෙහිව දැඩි පියවර ගැනීමට ද නියමිතයි.