ලක්ෂ 100කට අලියෙක් ගන්න අවස්ථාවක්

පන්සල් ඇතුළු ආගමික ස්ථානවලටත් අලි ඇති කිරීම සඳහා ඉල්ලීම් කරන ප්‍රභූන්ටත්...බෞද්ධාගමික පෙරහරවලටත් පින්නවලින් අලි ලබාදීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

එසේ අලි ලබාගන්නා ආගමික ස්ථාන හා ප්‍රභූ පුද්ගලයන් එම අලියාගේ භාරකාරත්වය භාරගත යුතු අතර එම සතුන් රැක බලා ගැනීම ඔවුන් සතු වන්නේය.
එසේ ලබා ගන්නා අලියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් වනජීවී අමාත්‍යාංශයට ගෙවිය යුතුය.
අලින් පන්සල් හා ප්‍රභූ පුද්ගලයන්ගේ භාරකාරත්වය යටතේ සිටියත් එම සතුන්ගේ අයිතිය හිමිවන්නේ වනජීවී අමාත්‍යාංශයටයි.

වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට මේ පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by