ව්‍යාපෘති 2කට සෞදියෙන් මිලියන 263ක ආධාරයක්

සංවර්ධන ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 263 ක (රුපියල් කෝටි 3,945) මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සෞදි අරාබියානු රජය එකඟතාව පළකර ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සෞදි අරාබියාවේ රියාද් හි දී සිදුකෙරුණු අතර සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ උපදේශක අබ්දුල්ලා අල් ෂෙඩෝකි සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහත්වරුන් ඒ සඳහා අත්සන් කළ බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මහවැලි ගඟේ වම් ඉවුර පහළ නිම්නය සංවර්ධනය කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් වන අතර වයඹ විශ්ව විද්‍යාලය සහ නාගරික සංවර්ධනය අනෙක් ව්‍යාපෘතිය වේ.

මහවැලි ගඟේ වම් ඉවුර පහළ නිම්න ව්‍යාපෘතිය යටතේ කින්නියා - කන්තලේ, ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව ප්‍රදේශවල කුඹුරු සඳහා කන්න දෙකේදීම වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ.
Previous Post Next Post