අලුත් අවුරුදු ලිත් ලක්ෂ 2 ක් ආයුර්වේද ගබඩාවල

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද නැකැත් සීට්ටුව හා අනෙකුත් තොරතුරු ඇතුළත් ලිත් ලක්ෂ දෙකක් පමණ මුද්‍රණය කළද ඒවා බෙදාහැරීමට නොහැකිව නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ගබඩා කර ඇතැයි වාර්තාවේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කෙරෙන ලිත් බෞද්ධ පූජනීය ස්ථානයන්ට, දිවයින පුරා විසිරී සිටින වෙද මහත්වරුන්ට, ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලයට, ආයුර්වේද කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු ආයුර්වේද නිලධාරීන් වෙනුවෙන් බෙදා දෙනු ලැබේ. ඒ සඳහා ගිය වසරේදී මුද්‍රණය කළ ලිත් සංඛ්‍යාව 70,000 – 75,000ත් අතර වේ.
2017 වසර වෙනුවෙන් ලිත් ලක්ෂ 2ක් මුද්‍රණය කර තිබුණේ බෙදා හැරීම වෙනුවෙන් කිසිදු සැලසුමක් නොමැතිව බවද දෙපාර්තමේතුවේම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by