ගතවූ පැය 24 තුළ ජාතික රෝහලට 180ක්

ඊයේ මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වූ පැය 24තුළ  හදිසි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට රෝගීන් 180 දෙනෙකු ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.

මෙම රෝගීන් අතර ගිනි කෙළි අනතුරු හේතුවෙන්, රිය අනතුරු සහ වෙනත් අනතුරු හේතුවෙන් තුවාල ලැබූවන් සිටින බව එම ප්‍රකාශිකාව කියා සිටියාය.

කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව හදිසි අනතුරු හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද ඇය සඳහන් කළාය.
Previous Post Next Post