පසු පෙළ මන්ත්‍රීවරුන් 50කට මුදල් 'අධීක්ෂණ' තනතුරු

මුදල් අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවතින ආයතන අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මන්ත්‍රීවරුන් 50 කට වැඩි පිරිසක් පත්කර ඇති බවටයි වාර්තා වන්නේ.

මුදල් අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවතින සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතන අධීක්ෂණය කිරීම මේ අනුව ඔවුන්ට පැවරී ඇති වගකීමයි.

එම ආයතන නිසියාකාරව කටයුතු කරන්නේද යන්න සහ රජයට අයවිය යුතු ගාස්තු පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති.

එලෙස පත්කර ඇති මන්ත්‍රීවරුන්ට කිසිදු වරප්‍රසාදයක් හෝ ගෙවීමක් හිමි නොවන අතර, ඔවුන් ස්වේච්ඡා පදනම මත ඒ සඳහා යෙදවීමටයි රජය තීරණය කර ඇත්තේ.
Previous Post Next Post