කටාර් සංචාරක බාධකයට ASP බැහැල වැඩලු

කටාර් වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට කටාර් විදේශ අමාත්‍යංශය විසින් ලබාදී ඇති උපදෙස් සම්බන්ධයෙන් කටාර් හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් නිසි පියවර ගනිමින් සිටින බව ඒ.එස්.පී. ලියනගේ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ එච්.වන්.එන්.වන් (සූකර උණ) රෝග තත්ත්වය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවට කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබූ එම නිවේදනයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දැක්වූ ලියනගේ මහතා පවසා සිටියේ ඔහු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය - රාජිත සේනාරත්න මහතා හා දුරකතනයෙන් දැනුම් දුන් බවත් ය. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරන බවද රාජිත අමාත්‍යවරයා තමාට පැවසූ බවද හෙතෙම සඳහන් කළේය.

තවද, අද පෙරවරුවේ තමා ශ්‍රී ලංකාවේ සිටින කටාර් තානාපතිවරයාද හමුවන බවත්, එහිදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද, වාර්තා වල සඳහන් වූ තරම් දරුණු තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොපවතින බව මෙහෙදී පැහැදිලි කරන බවත් ඔහු සඳහන් කර සිටියේය.

සති කිහිපයක් සඳහා ලංකාවට පැමිණියද, මෙම ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය ඉතිරි රාජතාන්ත්‍රික කටයුතු සඳහා යළිත් කටාර් බලා යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Previous Post Next Post