පොල්අතු පාසල් ගැන සොයයි

පොල්අතු ගොඩනැගිලි සහිත පාසල් පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබෙන බවත්, ඔවුන් මේ දිනවල දිවයින පුරා පාසල්වල තොරතුරු එකතු කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප මට්ටමින් එම තොරතුරු ලබාගෙන ඉතා ඉක්මනින් වාර්තාව සකස් කරන්නැයි ගොඩනැගිලි අධ්‍යක්ෂවරයාට සහ  සැලසුම් අධ්‍යක්ෂවරුන්ට  උපදෙස් ලබාදී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
පළාත් සභා විසින් පාලනය කරනු ලබන පාසල් 9810 කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

එම වාර්තාව ලැබුණු පසුව අධ්‍යයනය කර බලා ප්‍රමුඛතාවය අනුව ස්ථිර ගොඩනැගිලි ලබාදීමට පියවර ගන්නා බවද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

පළාත් අධ්‍යක්ෂවරුන්,සැලසුම් අධ්‍යක්ෂවරුන් සහ ඉංජිනේරුවරුන් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය නිර්ණායක සකස් කරන බවද හෙතෙම පැවසිය.
Previous Post Next Post