ස්මාර්ට් ෆෝන් එකට අවුරුදු නැකත් සීට්ටුවත් එක්වෙලා

සිංහල අලුත් අවුරුදු නැකැත් පහසුවෙන්ම ජංගම දුරකතනයෙන් බලා ගැනීමට හැකිවන අයුරින් නව ඇන්ඩේ‍රායිඩ් ඇප් එකක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව ඉස්සර ලිතෙන් බැලුව නැකැත් දැන් ඇන්ඩේ‍රායිඩ් ජංගම දුරකතනයෙන්ම බලා ගැනීමට මෙම ඇප් එක නිසා හැකියාව ලැබී ඇත.

නැකත් රාළ ලෙස මේ ඇප් එක නම්කර ඇති අතර, මෙහි ඇති සුවිශේෂීම කාරණය සිංහල ඇති නැති ඕනෑම දුරකතනයක සිංහල දර්ශනය වන ආකාරයට නිර්මාණය කර තිබීමයි.

















ඒ අනුව මෙහි, නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානයට, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑම, රාහු කාලය යනාදිය ඔබට බලාගැනීමට හැකියාව තිබේ.

මීට අමතරව මේ අවුරුදු සමයේ තවත් අපූරු ඇන්ඩොයිඩ් ඇප් කිහිපයක් ද එළි දක්වා තිබේ. අවුරුදු රසකැවිලි සෑදීමට උපදෙස් ලබාදෙන “ඉවුම් පිහුම්” හා අවුරුදු ක්‍රීඩා කළ හැකි "අවුරුදු ගේම්ස්” ද ඒ අතර විශේෂිතය.

03. අවුරුදු ගේම්ස්




































02. ඉවුම් පිහුම්
Previous Post Next Post