නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අන්තරේ අදත් මහපාරේ

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද (14) දිනයේ දී ද විරෝධතාවක නිරත වන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද පස්වරුවේ මෙම විරෝධතාව පවත්වන බවයි.

ගැටළුවට කිසිදු විසදුමක් ලබා නොදී ආණ්ඩුව අලූත් අවුරුද්ද සැමරීමට කටයුතු කර ඇති බව ද ළහිරු වීරසේකර සඳහන් කළා.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිට සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගලහ මන්සන්ධියේත් විශ්ව විද්‍යාල සිසුන් සත්‍යග‍්‍රහ ව්‍යාපාරවල තවදුරටත් නිරත වනවා.
ඊට අමතරව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිට, කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට සහ රාගම ශික්ෂණ රෝහල ඉදිරිපිට ද එම සත්‍යග‍්‍රහ ව්‍යාපාර සිදු කරන බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ.
Previous Post Next Post