හිස තෙල් ගැමේ නැකැත අද පෙරවරුවේ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අද (15) යෙදී තිබෙනවා. නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ අද පූර්ව භාග 11.04 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා නුගපත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කළයුතු බවයි.

ආයුෂ වර්ධනය කර ගැනීමටත් නිරෝගීව ජීවත්වීමටත් මෙම චාරිත‍්‍රය වැදගත් වන බව සමාජගත මතය වනවා.
රටපුරා බොහෝ වෙහෙර විහාරස්ථානවල නැකතට හිසතෙල් ගෑමේ උත්සව සංවිධාන කර තිබෙනවා. 

වෙනත් වසරවලදී මෙන්ම මෙවරත් කෝට්ටේ රාජමහා විහාරයේදීද එම චාරිත‍්‍රය අද ඉටු කෙරෙන බවයි එහි දායක සභාවේ ප‍්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා කියාසිටියේ.

නැකැතට හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත් වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදීයි.
Previous Post Next Post