වෙබ් අඩවිවලට ඇබ්බැහිවීමෙන් දිඹුලාගල සිසුන් දරුණු වෙලා

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ඇතැම් පාසල් සිසුන් සමාජ ජාල වබේ අඩවිවලට ඇබ්බැහිවීමෙන් ඔවුන්ගේ සිත් දරුණු ලෙස දූෂණය වී ඇති බව එම කලාපයේ විදුහල්පතිවරු පවසයි.සමහර දරුවන් එෆ්.බි. උන්මාදයෙන් පෙළීම නිසා අධ්‍යාපනයට මුල්තැන නොදී මුහුණු ‍පොත පමණක් වැරදි ලෙස පරිහරණය කර විවිධ අපචාර අපරාධවලට ගොදුරු වී ඇති බවද විදුහල්පතිවරු මෙන්ම ගුරුවරු පෙන්වා දෙති.

එෆ්.බි. උන්මාදයෙන් පෙළෙන එය වැරදි ලෙස භාවිත කරන පාසල් දරුවන් අපචාර, අපරාධවලට මෙන්ම විවිධ වැරදි ක්‍රියාවලට පෙළඹීමේ වැඩි වර්ධනයක් තිබිම සමාජයට බරපතළ හානියක් බවද දිඹුලාගල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු මෙන්ම ගුරුවරු සඳහන් කරති.

තම විද්‍යායේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවෙකු එෆ්.බි. (මුහුණු ‍පොත) ගිණුම් තුනක් පවත්වාගෙන යමින් ඔහුගේ සිත දරුණු ලෙස දූෂණ වීමෙන් මානසික මට්ටම දුර්වල වී ඇති බව ‍පො/ දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ විදුහල්පති රංජිත් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පැවැසීය. කොණ්ඩය වවා තවත් සිසුන් පිරිසක් විවිධ මෝස්තරවලට කොණ්ඩය කපා එන බැවින් ඊට දඬුවම් කර අවවාද කිරීම නිසා අදාළ සිසුවා මුහුණ ‍පොත (එෆ්.බි.) මගින් තමාට දරුණු ලෙස බැණ වැදී ඇති අතර, ඔහුට අවවාද කළ පසු පහරදුන් බවට ‍පොළොන්නරුව රෝහ‍ලේ 20 වාට්ටුවේ නැවතී සිටින බවද රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහුගේ එෆ්.බි. මුහුණු ‍පොත ගිණුම් තුනෙහි තිබූ ඒවා කීමට, බැලීමට තරම් අප්‍රිය ඒවා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. පාසල් දරුවන් මේ අයුරින් එෆ්.බි. මුහුණු ‍පොතට ඇතුළත් වී ඒවා වැරදි ලෙස භාවිත කිරීමට එරෙහි යම් නීති රීති ක්‍රමයක් හෝ එම ගිණුම් අවලංගු වන අයුරින් සකස් කරන ලෙසත් මේ පිළිබඳව උපදේශන වැඩසටහන් කර සිසුන් ඉන් මුදවා ගන්නා ලෙසද දිඹුලාගල කලාපයේ විදුහල්පතිවරු රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.මුහුණු ‍පොත වැරදි අයුරින් භාවිත කර විවිධ අපචාර, අපරාධවලට ගොදුරු වී සිටින පාසල් සිසුන් ඉන් මුදා ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම සඳහා අධ්‍යාපන, ‍පොලීසිය හා ආගමික සංවිධාන, දේශපාලන අධිකාරිය දැනුවත් කර ඇති බවද විදුහල්පතිවරු පවසති.

නිමල් ජයරත්න, මනම්පිටිය, ප්‍රසන්න අබේවික්‍රම, අරලගංවිල
Previous Post Next Post