අල්ලස් ගන්න අධ්‍යාපන නිළධාරීන්ට වැඩ වරදියි

අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අධ්‍යාපන නිලධාරීන්ට එරෙහිව නව නිතී ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එහි රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා සඳහන් කළේ, පවතින නිතී රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට ද විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් ඉහළ නැංවීම සඳහා නව විමර්ශන නිලධාරීන් බඳවා ගෙන පුහුණුවීම් ලබා දී ඇති බව ද ලේකම්වරයා පවසයි.

රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළව වැඩි වශයෙන් අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි ලැබී ඇති බවයි.

ඊට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරියේදී අධ්‍යාපන නිලධාරීන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා පුහුණු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද තිස්ස හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළේ ය.
Previous Post Next Post