මීතොටමුල්ල ඛේදවාචකයට පෙර ජනතාව දැනුවත් කළා - රජය

මීතොටමුල්ලේ කසල කන්ද කඩා වැටීමේ අවදානම පිළිබඳ කල් තියා රාජ්‍ය නිලධාරීන් මගින් අවට ජනතාව දැනුවත් කළ බව රජය පවසයි.

අදාළ ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අප්‍රේල් මස 07 වන දින ලිඛිතව දැනුම් දී තිබූ බව ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටී.

එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට සඳහන් ලිපි ජනතාව භාරගෙන තිබෙන බවත්, ලිපි භාරගත් බවට සහතික කෙරෙන අත්සන් ලේඛනයක්ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සතු බවත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
විරෝධතා පසෙකලා සාකච්ඡා මාර්ගයෙන් රජය සමඟ එක්ව උද්ගතව ඇති මීතොටමුල්ල කසල කන්ද පිළිබඳ ගැටළුව විසඳීමට සහයෝගය දක්වන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගනන් නොගත්තේ ඇයි ?


ඒ අතර මිතොටමුල්ල සිද්ධියට පැය 12කට පෙර නායා යාමේ සංඥා මතුව තිබියදීත්, ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්ව නොයාම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා වන සමීර ද සිල්වා මහතා කනස්සල්ල පළකර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය මුහුණු පොතේ මෙසේ සටහනක් පළකර තිබිණ.
''මිතොටමුල්ලේ මිනිසුන්ට පැය 12කට කලින් නාය යන සංඥ මතුවෙලා එත් ඒ මිනිස්සු ගනන්ගෙන නැ ඇයි මේ ? පාන්දර 2කට ජනෙල්වල විදුරු කැඩිලා, පාන්දර 5ට බිත්ති පුපුරලා උදේ 7 වෙනකොට බිත්ති ඇලවෙලා.එත් අපේ මිනිස්සු ගනන්ගෙන නෑ.

අවුරුදු දවසේ රටෙන් 100ට 80ක් ඇහැරලා එදා මිතොටමුල්ලේ මිනිස්සු මේවා වෙනකොට නින්දේ හිටියේ නැ ඇයි මේ දේවල් පෙනී පෙනී ගෙවල්වල හිටියේ කිසිවක් නොදත් දරුවෝ අරන් වැඩිහිටියන්ට එලියේ මීටර් 100ක් දුර යන්න තිබුනා නේද?

අපි සුනාමිය ගැන දන්නේ නැති නිසා ජිවිත නැතිවුනේ එත් නාය යන එකෙක් සලකුණු අද වෙනකොට ඕන පොඩිළමයෙක් දනනවා. අපේ මිනිස්සුගේ අවදානමට පෙර සුදානම ඉතාමත් අඩුයි.

පොලවට සමතලාවුන ගෙවල් අපිට ගොඩනගාගන්න පුළුවන්, එත් වැලලුන ජිවිත ගොඩගන්න බැ.

ස්වභාවික විපත් අපිට කොයි වෙලේ හෝ එන්න පුළුවන් ඇයි අපි දැන දැන අපේ ජිවිත පුජාකරන්නේ. කවදාවත් මෙවන් කරදරයක් ඔබට මට සිදුනොවෙයි සිතන්න එපා අවධානයෙන් ඉන්න.''



Previous Post Next Post