වෙඩිතැබීමකින් බරපතලයි.. හතරදෙනෙක් මඩකලපු රෝහලේ..

ඊයේ පස්වරුවේ සිදු කරනු ලැබූ වෙඩි තැබීමක් හේතුවෙන් කාන්තාවන් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ මඩකලපුව කොක්කොඩිචෝලෙයිහිදීය.

මඩකළපු රෝහලට ඇතුළු කර ඇති තුවාලකරුවන්ගේ තත්වය බරපතල යයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම වෙඩි තැබීම සිදු කල බවට සැක පිට එක් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Previous Post Next Post