උතුරු කොරියාවෙන් අමෙරිකාවට තරවටුවක්

සිය මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිවීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අමෙරිකාවට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
එරට පියොන් යැන්ග් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු බී.බී.සී පුවත් සේවයට පවසා ඇත්තේ අන්තර්ජාතික හෙලාදැකීම් මෙන්ම අමෙරිකාවේ එරෙහිවීම් පැවතිය ද න්‍යෂ්ටික අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන බවයි.

කාලයත් සමග එම අත්හදා බැලීම්වල තීව්‍රරතාවය වැඩි කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
උතුරු කොරියාවේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් අමෙරිකාවේ සීමාව ඉක්මවා යා හැකි බව එරට උප ජනාධිපති මයික් පෙන්ස් ඊයේ ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු රජ්‍ය නිලධාරියා සඳහන් කර ඇත්තේ තම රටට එරෙහිව අමෙරිකාව ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව දැඩි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවයි.
Previous Post Next Post