සා.පෙළ අසමත් දරුවන්ට පීඩා දෙන්න එපා

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලද දරුවන් මානසික පීඩාවට ලක්‌නොකරන්නැයි ජාතික ළමාරක්‍ෂක අධිකාරිය දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක්‌ කරයි.

2016 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේවන විට නිකුත්කර ඇති අතර, විභාගය සාර්ථක ලෙස සමත්වූ දරු - දැරියන්ට ශුභාශිංසන පිරිනමන බවත්, විභාගයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලද දරුවන් පිළිබඳව ජාතික ළමා රක්‍ෂක අධිකාරිය විශේෂ අවධානය යොමුකර සිටින බවත් එම අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය කියා සිටින්නීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය යනු ජීවිතයේ එක්‌ කඩඉමක්‌ බවත් එම විභාගය අසමත්වූ සැණින් ජීවිතයේ සමස්‌තය කඩාවැටෙන්නේ නැති බවත් ඇය පවසයි.

දරුවන් විසින් සිදුකළ යුත්තේ ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණදීම බවත්, මෙවැනි අවස්‌ථාවකදී දිවි නසා ගැනීම් වැනි ක්‍ෂණික තීරණ ගැනීම හරහා කිසිදු විටෙක ඵලදායී ප්‍රයෝජනයක්‌ ලබාගත නොහැකි බවත් සභාපතිනිය තවදුරටත් පෙන්වා දෙයි.
Previous Post Next Post