අලුත උපන් බිළිඳා වෙල්යායක දමා ගිහින්

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ වෙල් යායක දමා ගොස් සිටි කුඩා බිළිඳෙකු හමුවී තිබෙනවා.

තම ගවයන් බැලීම සඳහා ගිය පුද්ගලයකු බිළිඳා දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය කළ දැනුම් දීමකට අනුව පොලිසියේ මැදිහත් වීමෙන් දරුවා ගල්මුරුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශණයකදී හෙළිවී ඇත්තේ ඊයේ(17) උදෑසන 37 හැවිරිදි කාන්තාවක් දරුවා ප්‍රසුත කර පසුව මෙම වෙල් යායට ගෙනැවිත් දමා ඇති බවයි.
ගලමුරුව ප්‍රදේශයේම පදිංචි සැකකාරිය ද රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දරුවා තමාගේ බවට කාන්තාව පිළිගෙන ඇති අතර හදාවඩා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවා වෙල් යායට ගෙනැවිත් දැමු බවයි ඇය පොලිසිය හමුවේ  ප්‍රකාශකර ඇත්තේ.

මෙම කාන්තාවට තවත් දරුවෙකු ද සිටින බව සඳහන්.

බිළිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීන් සඳහන් කර තිබෙනවා.
Previous Post Next Post