මීතොටමුල්ල අවදානම් පවුල්වලට මසකට රුපියල් පනස්දාහක්

මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රිත අධි අවදානම් කලාපයේ ජීවත් වන පවුල්වලට සිය නිවෙස්වලින් ඉවත්ව වෙනත් නිවසක වාසය කිරීම සදහා රජය විසින් මාසිකව රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

මෙම දීමනාව මාස තුනක කාලයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
Previous Post Next Post