හෙට - අනිද්දා සුරාසල් වැසේ

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් හෙට (13දා) සහ අනිද්දා (14දා) දිවයින පුරා සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රජයේ නියෝග නොතකා කටයුතු කරන සුරාසල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාසල් වසා තැබෙන එම දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයින පුරාම විශේෂ රාජකාරියේ යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.
Previous Post Next Post