සංගීතයේදී අහස්‌කූරක්‌ කනක්‌ පලයි

මීගහකිවුල අරාව හන්දියේ පැවැති සංගීත සංදර්ශනයකදී දල්වන ලද අහස්‌කූරක්‌ සෙනග අතරින් ගොස්‌ සංගීතය නරඹමින් සිටි පුද්ගලයකුගේ කනේවැදී පුපුරා යැමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ 18 දා අලුයම 12.10 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.

අරාව කිරිගලලන්දේ ඩී.එම්. පේමරත්න (38) නමැති පුද්ගලයකු මෙම අනතුරින් තුවාල ලබා ඇත.

සංගීතය නැරඹීමට පැමිණි පිරිසක්‌ අහස්‌ කූරු දල්වමින් විනෝද වී ඇති අතර ඔවුන් විසින් දල්වන ලද එක්‌ අහස්‌ කූරක්‌ එක්‌වරම සෙනග අතරින් පැමිණ අදාළ තරුණයාගේ කනේ වැදී පුපුරා ගොස්‌ ඇත.
එම පුද්ගලයාගේ කන්පෙත්තක්‌ පුපුරා ගොස්‌ ඇති අතර රැස්‌වූ ප්‍රදේශයේ පිරිසක්‌ වහාම ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
Previous Post Next Post