රවි ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ එකම පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. ආරක්ෂක කටයුතු සම්බන්ධ විශේෂඥ දැනුමකින් යුතු ඒ මහතා බෞද්ධ භාවනා ක්‍රම ඔස්සේ ගැඹුරු අධ්‍යයනයක් කළ විද්වතෙකු ලෙසද ප්‍රකටය.

පොලිස් විශේෂ කාර්ය බලකා සංකල්ප එතුමාගේ වන අතර තම පියා රටේ ජනාධිපති වරයාව සිටියදී බස් රථ වලින් එදිනෙදා ගමන් බිමන් යාමට තරම් සැහැල්ලු නිහතමානී දිවි පෙවෙතකට හිමිකම් කියූ අයෙකි.
මිය යන විට අසූ හැවිරිදි ඒ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි.
Previous Post Next Post