දරුවන් තිදෙනාට වස පොවා පියාත් වස බොයි

තම දරුවන් තිදෙනාට වස පොවා පියා ද වස පානය කර රෝහල් ගත කිරීමේ සිද්ධියක් හික්කඩුව - පතන - තොරණගලවත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ.

පෙරේදා (10) මෙලෙස වස පානය කිරීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සිද්ධියෙන් රෝහල් ගත කර ඇති පියාගේ වයස අවුරුදු 42 ක් වන අතර, අවුරුදු 9 ක් වයසැති නිවුන් පිරිමි දරුවන් සහ අවුරුදු 7 ක් වන අනෙක් දරුවා ද මෙලෙස ප්‍රතිකාර ලබති.
දරුවන්ගේ මව විදේශ රැකියාවක :

මෙම දරුවන්ගේ මව විදේශ රැකියාවකට ගොස් සිටින අතර, පියා ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔවුන් අතර ආරවුලක් පැවති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

පොලිසිය සඳහන් කළේ බිරිඳ විදේශ ගතවීම නිසා ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මොහු මෙලෙස දරුවන්ට වස පොවා ඔහු ද වස පානය කරන්නට ඇති බවට සැකයක් පවතින බවයි.
Previous Post Next Post