සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලේ වලියක්

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ අභ්‍යන්තර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ සුරාබදු කොමසාරිස්වරයා විසින් 2017 මාර්තු 08 වැනිදා නිකුත් කළ චක්‍රලෙඛයක් නිසාය.

අදාළ චක්‍රලේඛයට මගින් රටපුරා ඇති එම දෙපාර්තමේන්තුවට අයත් සුරා බදු ගබඩාවල තැන්පත්කර ඇති වැටලීම්කර අත්අඩංගුවට ගන්නාලද නීති විරෝධී මධ්‍යසාර සුරාබදු මූලස්ථානයට එවීමට සලස්වන්නැයි සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට දන්වා තිබේ.
එම චක්‍රලේඛයට අනුව මාර්තු 27 වැනිදාට පෙර අදාළ මධ්‍යසාර එවිය යුතුවුවත් ඒවා මෙතෙක් එවා නැතැයි පැවසේ.

මෙතෙක් සිදුව ඇත්තේ සුරාබදු සහකාර කොමසාරිස්වරුන් භාරයේ පවතින ගබඩාවල තැන්පත් කර තිබූ මධ්‍යසාර එහි සේවය කරන සේවකයන් අවම මිලකට මිලදීගෙන පිටත වෙළෙඳ පොළකට විකිණීමය.

එය සම්පූර්ණයෙන්ම සුරාබදු පනතේ වගන්ති උල්ලංඝනය කිරීමක් බව වාර්තා වේ.

නව චක්‍රලේඛය ගෙඩි පිටින් සමාගමකට දෙන්නද ?

මේ අතර, එම දෙපාර්තමේන්තුවේ පිරිසක් චෝදනාකරනු ලබන්නේ රටපුරාම වැටලීම්කර අල්ලාගන්නා ලද නීතිවිරෝධී මධ්‍යසාර කොළඹ ප්‍රධාන කාර්යාලයකට ගෙන්වාගෙන එයට ව්‍යාජ ටෙන්ඩරයක් යොදා අමාත්‍යවරයකුට සම්බන්ධ මධ්‍යසාර නිෂ්පාදන සමාගමකට ඒවා තොගපිටින් අලෙවි කිරීමට කොමසාරිස්වරයා කටයුතු යොදමින් සිටින බවයි.
Previous Post Next Post