මීතොටමුල්ල අවට සෞඛ්‍ය ගැටලු රැසක්

මීතොටමුල්ල කසළ කන්ද අවට ප්‍රදේශයේ කෙටි හා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමේ අවදානමක් ඇතිබව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන්කර සිටියි.

මෙම කසල සමඟ ඇති පොලිතින්,ප්ලාස්ටික් සහ ලෝහ වල ඇති රසායනික ද්‍රව්‍ය ජලයට එක් වීම නිසා නිසා දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැගිය හැකි බව හෙතෙම සඳහන් කර සිටියි.

මේ ප්‍රදේශයේ ඇති පානීය ජලප්‍රභව භාවිතා නොකරන ලෙසත් හැකි සෑම විටම උතුරවා නිවාගත් ජලය පානය කරන ලෙසත් හෙතෙම ඉල්ලාසිටියේය.

 ජලය පාගමින් ප්‍රදේශයේ සැරිසැරීමෙන් වලකින ලෙසත් අවට පහත් බිම්වල වගාකර ඇති එළවළු,පළතුරු සහ පළාවර්ග ආහාරයට ගැනීමෙන් වලකින ලෙසත් ‍ඒ මහතා ඉල්ලා සිටියි.

වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න

වසංගත වලට ඉඩක් නෑ 

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍යවෙත පවසා ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමඟ ව්‍යාප්ත විය හැකි සියලු වසංගත රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිනපතා ගොස් සිද්ධියට මුහුණ දුන් ප්‍රදේශයේ ජනතාවාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වාර්තාවන් ගන්නා බවත් එමඟින් බෝ වීමට අවදානමක් ඇති රෝගයක් ඇති වුවහොත් එය පාලනයට කිරීමට අවශ්‍ය පියවර ගත හැකි බවයි. මීතොටමුල්ල අවට ප්‍රදේශයේ මදුරුවන්ට බෝ නොවිය හැකි පරිදි ධූමායන කටයුතු දිනපතා සිදු කිරීම, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීම, සනීපාරක්ෂක කටයුතු සොයා බැලීම, පිරිසිදු පානීය ජලය සැපයීම, වැසිකිලි කැසිකිලි පහසුකම් ප්‍රමිතියානුකූලව ලබාදීම, පිරිසිදු ආහාර ලබාදීම යනාදි සියලු කටයුතු අඛන්ඩව සිදුකරන බව ඒ මහතා සඳහන්කර තිබේ.
Previous Post Next Post