කොළඹ රෝහල් ඩෙංගු රෝගීන් ගෙන් පිරේ

කොළඹ හා ආසන්න නගර සියල්ලකම රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල් ද ඩෙංගු හා ඩෙංගු යැයි සැක කරන රෝගීන් ගෙන් පිරී ගොස් ඇතැයි අනාවරණය වේ.

කොළඹ නගරයේ පෞද්ගලික රෝහල් සියල්ලකම පාහේ අද වනවිට ඇඳක් ලබා ගැනීම අපහසු වනසේ උණ රෝගීන් ගෙන් පිරී ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් 12 වනදා නිකුත් කළ වාර්තාවන්ට අනුව ඩෙංගු රෝගීන් 30000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර 61 දෙනෙක් මිය ගොස් තිබේ.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිමට වෙනම අධිසත්කාර ඒකක සහ වාට්ටු සංකීර්ණ ස්ථාපිත  කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන් අතර එම ඒකක අධීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් වන  ආනන්ද විජේවික්‍රම සහ ලක්කුමාර් ප්‍රනාන්දු යන මහත්වරුන් ට භාර දී ඇත.

(ලංකාදීප)
Previous Post Next Post