ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීම අද සිට

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද මධ්‍යාහ්න 12.13ට ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වීම ඇරඹෙනු ඇත. ඒ අනුව අද එම වේලාවට හිරු  හම්බන්තොට සහ කටුදෙනිය යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඉන් පසුව ලබන අප්‍රේල් 15 දා තෙක් කෙමෙන් මධ්‍යාහ්න 12.13, 12.12, 12.11 ආදී වශයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන අතර අප්‍රේල් 15 දා මධ්‍යාහ්න 12.10ට ශ්‍රි ලංකාවේ උතුරේ පිහිටි මාවිත්තපුරම්, කරනවායි, කල්අයිකයි, මල්ලිපුරම් යන ප්‍රදේශ වලට ඉහළ අහසේ හිරු මුදුන් වෙයි. ඉන් පසුව ශ්‍රි ලංකාවට මුදුන් වූ හිරු දිවයිනෙන් බැහැර වනු ඇත.
මේ අතර අප්‍රේල් 7දා මධ්‍යාහ්න 12.13ට බම්බලපිටිය, මාලිබොඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන අතර ශ්‍රි ලංකාවට ඉහළින් හිරු මුදුන් වන  අප්‍රේල් 15දා දක්වා රටේ මධ්‍යම කදුකරයේ හැරුණු කොට දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක ඉක්මවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

දමයන්ති ගමගේ
Previous Post Next Post