ඩැනිලා නැවේ තව දුරටත් සුළු ගිනි ගැනීම්

මෙරට මුහුදු සීමාව ආසන්නයේ යාත්‍රා කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ පැනමා රාජ්‍යයට අයත් එම්.එස්.සී. ඩැනීලා බහාළුම් නෞකාව අභ්‍යන්තරයේ තවදුරටත් සුළු ගිනිගැනීම් පවතින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් නැවට ඇතුලුවීමට හැකියාවක් නොමැති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කලේ ගින්න නිවීමේ කටයුතු සඳහා සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවයි.


මේ වනවිට නෞකාව කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 10 ක් දුරින් නැංගුරම් ලා තිබෙනවා.
කෙසේවෙතත් ඉදිරි පැය කිහිපය ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට බලාපොරොත්තු වන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
Previous Post Next Post