පණපිටින් ඉන්න ශිහාන්ව මරලා පෝස්ට් ගහලා

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග පසුගිය දිනක පෞද්ගලික රෝහලක ඇතුලත් කළේ ඩෙංගු රෝගය වැළඳීම නිසා.

දින ගණනාවක් තිස්සේ ශිහාන් මිහිරංග එම පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලැබුවා.

විවිධ මාධ්‍යවල දාලා තිබුණා ශිහාන්ට ගොඩක් අමාරුයි ඔහුගේ ජිවිතේ අවදානම් කියලා. නමුත් ඔහුගේ ඥාති සහෝදරයෙකුගෙන්  අප කළ විමසීමකදී කියා සිටියේ සුවය ලැබූ ශිහාන් අද රෝහලෙන් පිටව යෑමට නියමිතයි කියලා.
ඒ වගේම අපි දැක්කා ඉතාමත් පහත් මානසිකත්වයෙන් දාලා තිබුණ Facebook Post එකක්. එකේ දාලා තියෙන්නේ ශිහාන් මිහිරංග අද දිනයේ ජිවිතයෙන් සමුගත්තා කියලා.














මේ සම්බන්ධයෙන් ශිහාන් මිහිරංග ගේ ඥති සහෝදරයා අපට කිව්වේ ඔහුගේ අසනීපය ගැන අසත්‍ය තොරතුරු කියමින් විවිධ ගොසිප් සයිට් සහ Facebook පිටුවල පළවන දේවල් ගැන කණගාටුවෙනවා කියලා.

ඇත්තටම අපිට කියන්න තියෙන්නෙත් ප්‍රසිද්ධ කෙනෙක්ට ලෙඩක් හැදුනම පුදුම විදියට බොරු කතා ගොතන මාධ්‍ය මීතොටමුල්ල කුණු කන්දේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියා නම් හොඳයි කියලා. ඒ වගේම ශිහාන් මිය ගිහින් කියලා දාපු Facebook පිටුවේ ඇඩ්මින්ට කියන්න තියෙන්නේ මානසික රෝහලකින් ප්‍රතිකාර ගත්තොත් හොඳයි කියලා.
Previous Post Next Post