කන්ගැට්ටා ඇප මත නිදහස්

ජාතික කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත මේදිස් හෙවත් කන්ගැට්ටා ඊයේ ඇප මත මුදා හරිනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණයෙන් ලද ඇප කොන්දේසියක් මතයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඔහුට ඇප ලබාදී තිබෙනවා.

රුපියල් ලක්ෂ 5ක පෞද්ගලික බැඳුම්කරයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මෙලෙස මොහුට ඇප නියම කර ඇත්තේ.
2012 වසරේ මාර්තු 16 වන දා ජාතික කෞතුකාගාරයට ඇතුළු වී එහි තිබූ රන්කාසි, මුදල් නෝට්ටු, කඩු, මුදු, සැරයටි මෙන්ම නුගවෙල අදිකාරම්ගේ බඳ පටියද සොරාගෙන ඇති බවට සැකකරුට චෝදනා එල්ල වුණා.

2012 වසරේ ඔක්තෝම්බර් මස 27 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමුව ප්‍රදේශයේදියි.

ඉන් පසු සැකකරු සැකකරු වසර 5කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවුණේ.
Previous Post Next Post