ලංගම, දුම්රිය සහ අධිවේගයේ ආදයම් ඉහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකදි ඉපැයූ වූ වැඩිම ආදායම ඉකුත් ඉරිදා දිනයේ වාර්තා වී තිබෙනවා.

එම ආදායම රුපියල් මිලියන විසි එකයි දශම පහක්.

එම දිනයේදි වාහන හැත්තෑඑක් දහස් පන්සියයක ප‍්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබෙනවා.

 මේ අතර, ඉකුත් අපේ‍්‍රල් මස 07 වනදා සිට අපේ‍්‍රල් 16 වනදා දක්වා වාහන හත්ලක්ෂ පනස්දාහක් අධිවේගී මාර්ගය භාවිත කර තිබෙනවා.

එහි ආදායම රුපියල් මිලියන 230ක් බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්ෂ එස්  ඕපනායක සඳහන් කළේ.

එම ආදායම ඉකුත් වසරේ උත්සව සමය හා සැසඳිමේදී සියයට 25ක වැඩිවීමක් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, උත්සව සමයේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමද ඉකුත් වසරට සාපේක්ෂව සියයට 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

උත්සව සමයේ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම ද ඉකුත් වසරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

පී එච් ආර් ඞී චන්ද්‍රසිරි පැවසුවේ අපේ‍්‍රල් මස 06 වනදා සිට අපේ‍්‍රල් 16 දක්වා කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 721ක ආදායමක් උපයා ඇති බවයි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by