ගසක් මත ඉදි කළ පැළක අවුරුද්ද සැමරූ පවුලක්

නිරන්තරයෙන් වන අලි තර්ජන එල්ල වන මොනරාගල ඉඳිපදුර ගම්මානයේ පවුලක් අද වෙනස් ආකාරයකට අලුත් අවුරුද්ද සැමරූ පුවතක් අපිට වාර්තා වුණා.

ඒ හේනේ ගසක් මත ඉදි කළ පැළක සිටයි.

හේන් ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් මොනරාගල සෙවනගල ඉඳිපදුර ගම්මානයේ පවුල් 50ක් පමණ ජීවත්වුණා.
නමුත් නිරන්තරයෙන් ගමට එල්ල වූ වනඅලි තර්ජන හේතුවෙන් ගම්වැසියන් ප්‍රදේශය අතහැර ගියේ ඊට මුහුණ දීම අසීරු කටයුත්තක් වූ බැවින්.

මේ වෙනකොට ගම්මානයේ ඉතිරිව සිටින්නේ වසන්ත කුමාර මහතාගේ පවුලේ උදවිය පමණයි.

ඔහුගේ දියණිය මාපිය ඇසුර නොමැතිව අධ්‍යාපන කටයුතු සඳහා ඥාති නිවසක රඳවා සිටින්නේද වන අලි තර්ජන හේතුවෙන්.

හේන් ගොවිතැන් කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන මේ පවුලට ඉන්න හිටින්නට තැනක් අහිමි වීම හේතුවෙන් මේ වනවිට ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
මේ හේතුවෙන් ඔවුන්ට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සිදුවූයේ හේනේ තනා ඇති පැල මතයි.
Previous Post Next Post