සමෘද්ධිමත් ආර්ථිකයට ජනපතිගෙන් සුබ පැතුම්

සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලූ දෙනාට සුබාශිංසනය පල කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකාව ලොව ශ්‍රේෂඨ රටක් බවට පත් කිරීම සඳහා සියලූ දෙනා ඇප කැප විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මේ අතර උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කළා.

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ඇති උරුමයන් දූ දරුවන් වෙත හදුන්වා දෙමින් අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරක්ෂිත කර ගැනීම සියලූ දෙනාගේ වගකීමක්වන බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ.

කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතිකයකටම පොදු සූර්ය මංගල්‍ය ශ‍්‍රී ලාංකිකයින් මහත් හරසරින් යුතුව සමරනු ලබනවා.
ජාති සහ ආගම් බේද පසෙකලා මෙම උත්සවය ප‍්‍රීතියෙන් යුතුව සැමරීමට සියලූ දෙනා එක්විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය සුබ පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා.

ශ‍්‍රී ලංකා වාසි දෙමළ ජනතාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල ජීවත්වන දෙමළ ජනතාවට ද උදා වූ අලූත් අවුරුද්ද සුබ අලූත් අවුරුද්දක් වේවායි ප‍්‍රාර්ථනා කරන බව එම සුබ පැතුම් පණිවුඩයෙන් දැක්වෙනවා.

ජාතීන් අතර සමගිය සහ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීමට මෙම වසරේ දී අදිටන් කර ගත යුතු බවයි විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාද්වීපයේ ඒකාග‍්‍රතාව බිද දැමීමට තිස් වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදය මේ වන විට සම්පූර්ණයෙන් අවසන්කර තිබෙනවා.


එමෙන්ම දේශීය ගොවියා නගා සුටුවීමෙන් කර්මාන්ත ශක්තිමත් කිරීමට ද පැවති රජය කටයුතු කර තිබුණා.

ඒ සියලූ ආදර්ශයන් අතීතයට අයත් ඒවා බවට පත් කර තිබුණ ද හෙළයේ අසිරිමත් බක් මහ මංගල්‍යය ජාතියේ උරුමය බව සමස්ථ රට වැසියන්ට සිහිපත්කර දෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ.
Previous Post Next Post