ප්ලාස්ටික් පොලිතින් දූෂණයෙන් ලංකාව පස්වැනි තැනට

ප්ලාස්ටික් සහ පොලිතින්වලින් පරිසර දූෂණය වීමෙන් ලෝකයේ පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

වසරකට ශ්‍රී ලංකාවේ ජනතාව ප්ලාස්ටික් සහ පොලිතින් රාත්තල් බිලියනයක් පරිසරයට මුදාහරින බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ ආචාර්ය ටනරී ප්‍රදීප් කුමාර කියයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ලංකාවේ පවුල් මිලියන 22ක් සිටින බවත්, එක් පවුලක සාමාජිකයන් 4ක් සිටින බවට අනුමන කළහොත් ෂොපිං බෑග් මිලියන 4ක් දිනකට පරිසරයට එකතුවන බව කියා සිටී.
මුහුදු ජලය තෙල් විසුරුම්වලින් 10%ක් දූෂණය වන බවත්, ඉතිරි 90% ගොඩබිමින් සාගරයට එකතුවන අපද්‍රව්‍යවලින් බව ද කුමාර මහතා සඳහන් කළේය.

ධීවර වරායන් අසල 90%ක් පරිසරය දූෂණය වන්නේ පොලිතින්, ලන්ච්ෂීට්, ප්ලාස්ටික් වැනි දේවලන් බවද ඔහු පැවසීය.
Previous Post Next Post