පින්නවලදී අතින් අතට ගිය අවිවාහක කත

අවිවාහක කාන්තාවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පින්නවලින් වාර්තාවේ.

මෙම කාන්තාව අංශභාගය වැළඳුණ සිය පියාට උවැටන් කරමින් ජීවත්ව ඇත.

වයස අවුරුදු 45 ක් පමණ වන මෙම කාන්තාව පුද්ගලයින් සිව්දෙනෙකු විසින් සමූහ දුෂණයකට ලක්ව ඇතැයි පින්නවල පොලිස් වාර්තා කරන අතර කාන්තාව 18 වැනිදා බළන්ගොඩ මූලික රෝහළට ඇතුළත් කර ඇත.
සැකකාර දූෂකයන් සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙක් පින්නවල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන  විමර්ශන කටයුතු ආරම්භකර ඇත. සැකකරුගේ ප්‍රකාශ අනුව ඉතිරි සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව පොලීසිය කියයි.
Previous Post Next Post