ලක්ෂ්මන් කිරිඇල්ලට නොතීසි

මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

භික්ෂූන් වහන්සේ නමක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයමෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පවසා ඇත්තේ මෙම බෝගස වසර 400ක පමණ ඉතිහාසයක් සහිත පූජනීය වස්තුවක් බවයි.

මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට බව පවසමින් එම බෝගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය  සූදානම් වන බව පෙන්වා දී ඇති පෙත්සම්කරුවන් බෝගස කපා ඉවත් කිරීමකින් තොරව මාර්ගය පුළුල් කිරීමට හැකියාවක් පවතින බව සඳහන් කර තිබේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල බෝගස කපා ඉවත් කිරීම තාවකාලිකව වළක්වාලමින් මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර  තිබේ.

එදින පෙත්සම යළි සලකා බලන බව දැනුම්දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළව කරුණු දක්වන ලෙස මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by