ලංකාවේ නෙට් එක ඕස්ට්‍රේලියාවටත් එහා

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඔස්ට්‍රේලියාවට වඩා ඉහළ මට්ටමක පවතින බව නවතම අධ්‍යයනයක් හෙළි වී ඇත.

අදාළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව පළමු රටවල් 50 අතරට ඇතුළත්ව සිටී.

මෙම සමීක්ෂණයට අනුව ඉහළම අන්තර්ජාල වේගය සහිත රට ලෙස හඳුනාගෙන ඇත්තේ දකුණු කොරියාවය.
එරට ගෘහස්ථ බ්‍රෝඞ්බෑන්ඞ් වේගය තත්පරයට මෙගා බිට්ස් 26.1කි.

නෝර්වේ රාජ්‍යය එම ලයිස්තුවේ 2වැනි ස්ථානයට පත්ව සිටින අතර එහි වේගය තත්පරයට මෙගා බිට්ස් 23.6 කි.

තත්පරයට මෙගා බිට්ස් 22.8 ක වේගයක් සහිත ස්වීඩනය 3 වැනි ස්ථානයටත් හොංකොං රාජ්‍යය 4 වැනි ස්ථානයටත් පත්ව සිටී.

ස්විට්සර්ලන්තය පසුවන්නේ 5 වැනි ස්ථානයේය.

මෙම දර්ශකයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් පෙරමුණේ පසුවන්නේ කෙන්යාව වන අතර එරට ගෘහස්ථ බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල වේගය තත්පරයට මෙගා බිට්ස් 15 කි.

ඔස්ට්‍රේලියාව වැනි ඉහළ සංවර්ධිත රටක අන්තර්ජාල වේගය ලෙස සටහන් වන්නේ තත්පරයට මෙගා බිට්ස් 10 කි.

සමීක්ෂණයට යොදාගත් රටවල් අතුරින් අවම අන්තර්ජාල වේගයක් සහිත රට බවට පත්වී ඇත්තේ වියට්නාමයයි.
Previous Post Next Post