බන්දුල පරණ අමාත්‍යාංශයට ගිහින්

හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ(18) අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හමු වී තිබෙනවා. ඒ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

පසුව අදාළ ගැටළු කඩිනමින් විසඳන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙහිදී අධ්‍යාපන පද්ධතියේ සිදුකරනු ලබන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා සහ වර්තමාන අමාත්‍යවරයා සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
Previous Post Next Post