අමෙරිකාවේ පළමු මුස්ලීම් විනිසුරුවරියගේ සිරුර ගඟකින් හමුවෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්ත අධිකරණයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ශීලා අබ්දූස් සලාම්ගේ මළ සිරුර හඞ්සන් ගංගාවේ තිබී සොයා ගෙන තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ අමෙරිකාවේ පළමු මුස්ලීම් විනිසුරුවරිය ලෙස ශීලා අබ්දුල් සලාම් හදුන්වා දී තිබූ බවයි.

ඇය අතුරුදන්ව ඇති බව මීට දින කිහිපයකට පෙර ඇගේ සැමියා නිව්යෝර්ක් පොලිසියට පැමිණිලි කර තිබුණා.
පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනූව ඇගේ මළ සිරුර හඞ්සන් නදියේ තිබී සොයා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ.
Previous Post Next Post