සුජාතා බුදුන්ට පිදූ කිරිබත හදන හැටි පබිලිස් කියයි

සූපවේදී පබිලිස් සිල්වා මහතා පවසන්නේ මෙවර සිංහල අලුත් අවුරුද්දු කෑම මේසයට ඉදෙන කිරි බත වෙනස් විදිහේ කිරිබතක් කළ යුතු බවයි.

හැමදාම කැකුළු හාලේ කිරිබතක් හැදුවත් මෙවර ඊට වෙනසක් එක්කර පැණිරස කිරිබතක් සැදීමටයි පබිලිස් මහතා මෙවර උපදෙස් දී ඇත්තේ.

දරුවන් සිටින නිවසකට මේ කිරිබත ඉස්තරම් බවත් ඔහු සඳහන් කර සිටී.

සුජාතා සිටු දේවිය බුදු රජාණන් වහන්සේට පිළිගැන් වූ යේද මෙවැනි කරිබතක් බව පබිලිස් මහතා දේශය පුවත්පතට පවසා තිබේ.
අවුරුදු කිරිබත

අවශ්‍ය කරන දේවල්:-

කැකුළු හාල් ග්‍රෑම් 250යි.
කජු ග්‍රෑම් 50යි.
මී පැණි මේස හැඳි 02යි.
බටර් මේස හැඳි 1 ½යි.
එළඟි තෙල් මේස හැඳි 01යි.
වියළි මුද්දරස්පලම් ග්‍රෑම් 75යි.
පුහුල් දෝසි ග්‍රෑම් 50යි.
ඉඟුරු දෝසි ග්‍රෑම් 25 (ඔබ කැමැතිනම් පමණක් දමන්න.)
මිටිකිරි හැඳි කෝප්ප 01යි.
ලුණු ස්වල්පයක්.

සාදන ක්‍රමය:-

මුලින්ම පළතුරු වෙන වෙනම කුඩා කැබැලිවලට කපා ගන්න.
හාල් ටික හොඳින් සෝදා ගරා ළිපේ තබන්න. හොඳින් බෙරිවී තැම්බෙන ප්‍රමාණයට වතුර තබන්න.
හාල්වල වතුර හිදී ගෙන එනවිට පොඩියට කපාගත් කජු එක්කරන්න.
එයට මිටිකිරි හැඳි කොප්පය එක්කරන්න. (එයට ලුණු ස්වල්පයක් එක්කර දමන්න.)
එයට බටර්, එළඟි තෙල් එක්කරන්න.
ටික වෙලාවකින් කපාගත් පළතුරු එක්කරන්න.
මේ සියල්ල හොඳින් මිශ්‍රකර මඳ ගින්දරේ තබන්න.
කිරිබත හොඳින් පිසුණු පසු ළිපෙන් බා අවශ්‍ය හැඩයට කිරිබත කපාගන්න.

Previous Post Next Post