ආචාර්ය ජගත් විජේනායක අභාවප්‍රාප්ත වේ

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආචාර්ය ජගත් විජේනායක මහතා ඊයේ (14) දහවල් අභාවප්‍රාප්ත විය.

ඒ, රාගම ශීක්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ජගත් විජේනායක මහතාගේ දේහය මහජන ගෞරවය සදහා බොරැල්ල ජයරත්න මල්ශාලවේ අද (15) උදෑසන සිට තැන්පත් කර තිබේ.
අවසන් කටයුතු හෙට (16) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ප්‍රකට ගණකාධිකරන දේශකයෙකු වූ ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක අර්ථපතියා වන අතර, අම්මාවරුනේ සහ විදු ඒ අතරින් කිහිපයකි.

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකුද වූ ඒ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කළේ අමෙරිකාවේදී සහ කැනඩාවේදී ය.

අභාවප්‍රාප්ත ආචාර්ය ජගත් විජේනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතාගේ සහෝදරයෙකු ද වේ.
Previous Post Next Post