බීබීසී සිංහල කෙටිතරංග විකාශනය නිමවෙයි

බීබීසී සිංහල සේවය සිය ශ්‍රාවකයින් වෙත ගෙන ආ කෙටි තරංග විකාශනය 2017 අප්‍රේල් මස 30 වෙනිදා අවසන් කරයි.

ඒ අනුව, බීබීසී සිංහල සේවය විසින් වසර 22ක කාලයක් පුරා ඉදිරිපත් කරන ලද 'සංදේශය' අඩ හෝරාවක වැඩසටහන නිමාවට පත්වේ.

කෙටි තරංග විකාශනය අවසන් කිරීමත් සමග බීබීසී සිංහල සේවය සිය වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරුවන නව යුගයක් ඇරඹීමට යයි.
එහිදී විවිධ මාධ්‍ය අතර සරන සිංහල භාෂාව කතාකරන ග්‍රාහකයින් කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර තිබේ.

බීබීසී සිංහල සේවය එහි හවුල් එෆ්එම් ගුවන්විදුලි ආයතනයවන සිරස ඔස්සේ ගෙන එන විනාඩි පහක ප්‍රවෘත්ති ප්‍රකාශය තවදුරටත් ඉදිරිපත් කරනු ඇත.

කෙටි තරංග විකාශනය ඔස්සේ වසර 22ක කාලයක් එක්ව සිටි සිය ශ්‍රාවකයින් වෙත බීබීසී සිංහල සේවය ස්තුතිය පළ කරයි.
Previous Post Next Post