දිවුලපිටියෙන් රංජන් ට දැඩි විරෝධයක්

දිවුල පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට දැඩි විරෝධයක් එල්ල වුනා.
මෙම රැස්වීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ මැටි හා සුළු පරිමාණ වැලි කර්මාන්ත හිමියන් වර්තමානයේ මුහුණදී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කරීම සඳහායි.

මැටි  කර්මාන්තයේ නිරත අයෙකු  එහි දී රන්ජන් රාමනායක මහතාගෙන්, අඹු දරුවන් සම්බන්ධයෙන් කරුණු දක්වා ජීවත්වීමේ අපහසුතාවට සහනයක් ඉල්ලා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරණ පස් හා මැටි කර්මාන්තය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ගැටළු කිහිපයක් මතු වුනා. ඒ අනුව, ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමටයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය තීරණය කළේ. කෙසේ වෙතත්, එම කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබඳව සැලකිල්ලට ගනිමින් ලබන මැයි මාසයේ සිට බලපත්‍ර නිකිුත් කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා.
Previous Post Next Post