දුම්වැටි විරෝධයත් පුස්සක් වෙයි

මෙරට තුල තවත් ප‍්‍රබල දුම්වැටි සමාගමක් ආරම්බ කිරීමට කටයුතු සූදනම් කරමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බව පවසන සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දෙන්නේ දුම්වැටි පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගයන්ට තම සංගමය කොන්දේසි විරහිත සහයෝගය දුන් බවයි.
කෙසේ වෙතත් අලූත් දුම්වැටි සමාගම ගැනත් ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් ගැනත් හෙළි කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
Previous Post Next Post