මාලිංගට එලව එලවා පහර දෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හෂීම් අම්ලාගේ දැඩි ප්‍රහාරයකට ලක්වීමට ලසිත් මාලිංගට සිදු වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර පැවැති තරගයේදී.

මෙම තරගයේදි පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කරන හෂීම් අම්ලා ලසිත් මාලිංගගේ පන්දු 16ට ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුණා.
මාලිංගගේ පන්දුවාර 4ට ලකුණු 58ක් ලබා ගැනීමට පංජාබ් කණ්ඩායම සමත් වුණා.

එකඳු කඩුල්ලක්වත් මාලිංගට දවා ගැනීමට නොහැකි වූ අතර මාලිංගට එරෙහිව හයේ පහර පහක් හා හතරේ පහර හතරක් අම්ලා එල්ල කරනු ලැබුවා.
මෙම තරගයේදී පංජාබ් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 198ක් රැස්කළ අතර එය පන්දුවාර 15.3කදී කඩුලු දෙකක් පමණක් වැය කර පසුකර යෑමට මුම්බායි කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ එක් පන්දු යවන්නෙකුට එරෙහිව තරගයක් තුළදී වැඩිම ලකුණු වාර්තා කළ ඇත්තේ විරාත් කෝලීය.

ඔහු උමේෂ් යාදෙව්ට එරෙහිව පන්දු 17කදී ලකුණු 52ක් වාර්තා කර තිබෙනවා.
Previous Post Next Post