ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් යලි බලයට

ආණ්ඩුව ඉදිරි මැතිවණයකින් පරාජය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය කියයි.

ඇමති සරත් ෆොන්සේකාට ආරක්‍ෂක අංශ පාලනය කිරීම සදහා බලය දීමට යෝජනා කිරීම මගින් එය පැහැදිලිව පෙනෙන බව සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
වැඩිදුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණ ආණ්ඩුවට අවාසි බව අවබෝධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවය.
gossip lanka