කොළඹ කසල පුත්තලමට ගෙන යාම හොඳ වැඩපිළිවෙක්

කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මෙම වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දී බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම වැඩපිළිවෙල හොඳ එකක් බැවින් වත්මන් රජය යටතේද ඉදිරියට ගෙන ගිය නමුත් පරිසර වාර්තා අනුව තෝරාගෙන තිබූ ස්ථානයේ එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව කී අමාත්‍යවරයා දැන් එය අරුවක්කාලූහි වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය. අරුවක්කාලූ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් තැනීමේ වගකීම තම අමාත්‍යාංශය භාරගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරි වසර දෙක තුළ එය ඉටුකරන බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Previous Post Next Post